This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Wednesday, March 29, 2017

ඔබත් ඉඩමක් මිලදී ගැනීමට සිහින මවන්නෙක්ද? එසේනම් මෙම කුප්පිය ඔබටයි


හා හා පුරා කියල මකබාස් ඔන්න කුප්පියක් අරගෙන ආවා ..ඔබත් නව නිවසක් තැනීමේ අරමුණින් ඉඩමක් මිලදීගැනීමට බලාපොරොත්තුවෙන් පසුවන්නෙක්නම් මේ කාරණා ඔබට අනිවාර්යයෙන් වැදගත් වේවි.

පහසුකම් අපේක්ෂාවෙන් නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශ කරා සංක්‍රමණය වන ජනතාව හේතුකොටගෙන වැඩිවන ඉල්ලුම සැපිරීම සදහා, සාමාන්‍ය තත්ව යටතේ පදිංචිය හෝ ගොඩනැගිලි ඉදිකිරීම සදහා නුසුදුසු යයි සැලකෙන භූමීන් පවා භාවිතා කිරීමට නූතන මිනිසා පෙලඹීඇතිබවක් පෙනෙනන්නට තිබේ. එබැවින් මෙම නැඹුරුතාවය බොරදියේ මාළුන් බෑමේ අවස්ථාවක් ඉඩම් සහ දේපල වෙලද ව්‍යාපාරිකයන්ට උදාකරදී තිබේ. ඒ අනුව අපද්‍රව්‍ය මගින් පුරවා ගොඩකරන ලද පහත් බිම් පමණක් නොව   පිටතින් ගෙනෙන ලද බොරළු පසින් වසන ලද මහා කළුගල් තලාවන් පවා අගනා ඉඩම් වශයෙන් විකුණන අවස්ථාවන්ද දැන්දැන් දුලබ නොවේ.

මින් වඩාත්ම ගැටළු ඇතිවනුයේ අර්ධ නාගරික ප්‍රදේශ වලදීය. පලාත් පාලන ආයතන මගින් සැපයෙන නල ජල පහසුකම් හෝ අපද්‍රව්‍ය බැහැරකිරීමේ පහසුකම් රහිත මෙවන් ඉඩම් වල ලිදක් සහ වැසිකිලි වලක් යන දෙකම තමතමන්ට පෞද්ගලික වනසේ තම ගෙවත්තේම පිහිටුවාගත යුතු වේ. මෙහිදී ලිදත් වැසිකිලි වලත් අතර අඩි 50ක අවම දුරක්ද පවත්වාගත යුතු වෙනවා. පොලවෙහි ජල මට්ටම (ජල තලය) මතුපිට පෘෂ්ඨයට ඉතා ආසන්නව පිහිටන අවස්ථාවන්හිදී හෝ වැලි සහිත පසක් පවතින විටකදී මෙම දුර තවදුරටත් වැඩිකරගන්නා ලෙස උපදෙස් දෙනු  ලබන්නේ අපේ බඩවැල් වල ජීවත් වන ඊකෝලයි වර්ගයේ බැක්ටීරියාව වැසිකිලි වලෙන් අඩි 50 ක පමණ දුරකදීද හදුනාගෙන ඇති නිසායි. යම් ප්‍රභවයකට මිනිස් මල (අසූචි) මිශ්‍රවී ඇතිදැයි සෙවීමේ දර්ශකය වෙන්නේ ඊකෝලයි බැක්ටීරියාවයි.

තව කාරණයක් මේ දුර ඔබට වගේම ඔබේ අසල්වැසියාගේ වැසිකිලි වලටත් අදාලයි. ටිකක් මෝඩ වාක්‍යක් වගේ පෙනුනාට ඔය විත්තිය අමතක වෙච්ච බොහොම උගත් යයි කියාගන්නා උදවිය මගේ මේ කෙටි වෘත්තීය ජීවිතය තුලදී ඕනතරම් හමුවෙලා තියෙනවා.

ඉඩමක් මිලදීගැනීම සම්පූර්ණයෙන්ම ඔබේ තීරණයක් වුවත් එහිදී මතු දැක්වෙන කරුණු කිහිපයද සැලකිල්ලට ගැනීම, ඔබේ තීරණයට අමතර වටිනාකමක් එක් කරාවි.


  • මිලදීගනු ලබන ඉඩමෙහි බලයලත් මිනින්දෝරු වරයකුගේ අත්සන සහිත පිඹුරක් (Plan) තිබිය යුතු අතර කට්ටි සැලැස්ම පලාත් පාලන ආයතනය විසින් අනුමත කර තිබියයුතුය. 

  • ඉඩමෙහි පුර්ණ අයිතිය විකුණුම්කරු සතුවිය යුතුය. නැතහොත් හවුල් අයිතිකරුවන් විසින් අයිතිය අත්හැරීමේ ලියවිල්ලකට අත්සන් තැබිය යුතුය. මෙහිදී වසර 30 කට අදාලව ඔබ මිලදීගැනීමට යෝජිත ඉඩමෙහි පෙලපත සහ අවසන් ලියාපදිංචියෙහි පත්ඉරු පරික්ෂා කිරීමක් ඔබගේ නීතීඥවරයා විසින් සිදුකෙරෙනු ඇත. කෙසේ වුවද මගේ උපදෙස නමි ඉඩම අත්පිට මුදලට නොගෙන, එය ඇපයට තබා පිලිගත් වානිජ බැංකුවකින් සුළුහෝ ණයක් ලබාගන්නා ලෙසය. මක් නිසාද යත් බැංකු විසින් සියළු ලියකියවිලි ගැඹුරින් පරික්ෂා කෙරෙනු ලබන බැවින්, බැංකුව ඔබගේ ඔප්පුව සදහා රක්ෂණයක් ඉල්ලා නොසිටින්නේනම් ඔබගේ ඉඩමෙහි නිරවුල්බව පිලිඔදව එය ඉතා හොද සහතිකයක් වන බැවිණි.

  • ඔබ ව්‍යාපාරික අවශ්‍යතාවයන්ගෙන් තොර, පදිංචිය සදහාම ඉඩමක් තෝරන්නේ නම් ප්‍රධාන මාර්ගයට මායිම්වනසේ ඇති ඉඩම් තෝරාගැනීමෙන් වැලකීම වැදගත්. එය මහා මාර්ගය හා බැදි බොහෝ ඍණාත්මක දෙයින් ඔබව මුදවාගැනීමට හේතුවනු ඇත. ඔබ ප්‍රවාහන පහසුකම් පිලිඔදව බොහෝ සේ සැලකිලිමත් වේ නම් ප්‍රධාන මාර්ගයට ඉඩම්කට්ටි 2ක් පමණ ඇතුලතින් වන ඉඩමක් තෝරාගන්න. නැතිනම් තවදුරටත් ප්‍රධාන මාර්ගයෙන් දුරස්ථව පිහිටි වඩා මිලෙන් අඩු ඉඩමක් ඔබට තෝරාගත හැක.

  • ඉඩම සමතල එකක් වීම අත්‍යාවශ්‍ය සාධකයක් නොවේ. දක්ෂ නිර්මාණ ශිල්පියකුට වඩා බෑවුම් සහිත භූමියක් අනිවාර්යයෙන්ම උසස් නිර්මාණයක් බිහිකිරීම සදහා හොද වේදිකාවක් වනු ඇත. නමුදු ඔබ ඉදිකිරීම් වියදම ගැන බොහෝ සේ සැලකිලිමත් වේ නම් සමතල ඉඩමක් වඩා පිරිමැසුම්දායක එකක් වනුඇත.
කුප්පිය ටිකක් දිග වැඩි උනා තවත් වටින කරෙනු ගොඩක් එක්ක ඉලග කුප්පියෙන් සැට් වෙමු ..එහෙනං මකබාස් ගියා ඔබේ වටිනා අදහස් එක් කරන්ඩ අයිබොවන්ඩ ....

Friday, August 5, 2016

මෝටර් රථයේ ඉතිහාසය


මූලික ස්වයන්චල තාක්ෂණවේදය

මෝටර් රථයේ ඉතිහාසය

                           ක්‍රි.ව.1600දී  පමණ අශ්ව කරත්තය වෙනුවට ස්වයං ධාවනයක් සහිත රථයක් නිපදවීමට බොහෝ දෙනෙකු උත්සහ කරන ලදී.මෙහි ප්‍රතිපලයක් ලෙස වාෂ්ප බලයෙන් ධාවනය වන මෝටර් රථනිපදවන ලදී.ඉන්ධන ලෙස පෙට්‍රල් භාවිතා කරමින් ධාවනය වන වාහන වල පුරෝගාමීන් ලෙස ජර්මන් ජාතික කාල්බෙන්ට්(carlbent) හා ගොට්ලිබ් ඩෙම්ලර්(Gotlib Demler) යන දෙදෙනාගේ මෝටර් රථ 02 ක් නිර්මාණය ආරම්භ විය.මේවා පිළිවලින් 1885 හා 1886 යන වර්ෂ වලදී ධාවනය ආරම්භ විය.මුල් යුගයේ රෝද 03 කින් යුක්ත වාහන නිපදවීම ආරම්භ විය.

1926 දි බෙන්ස් හා ඩෙම්ලර් යන සමාගම් දෙකම එකතු කර ඩෙම්ලර් බෙන්ස් යන සමාගම පිහිට වූ අතර එහි නිපද වූ වාහන මර්සිඩිස් බෙන්ස් යන වෙළදනාමය යටතේ වෙළද පොලට ඉදිරිපත් විය.

මෝටර් රථයක අඩංගු ප්‍රධාන පද්ධති


ප්‍රථමික චාලක එන්ජිම(Primary motion Engin)
                            මෝටර් රථයක් ධාවනය කිරීම සදහා අවශ්‍ය  යාන්ත්‍රික ශක්තිය නිපදවන ප්‍රභවය එන්ජිම  වේ.
          එන්ජිමට සපයනු ලබන තෙල් සහ වායු මිශ්‍රණය,එන්ජිමේ සිලින්ඩර තුලදී ධවාලනු ලැබේ.එම ධවිමෙන් ඉන්ධන වල අඩංගු රසායනික ශක්තිය තාප ශක්තිය බවට පරිවර්තනය කරයි.මෙසේ ඇතිවන තාපය නිසා සිලින්ඩර ධාහන කුටීරය තුල අධික පීඩනයක් ඇති වී සිලින්ඩරය තුල ඇති පිෂ්ටනය පහලට තල්ලු කරනු ලබයි.පිෂ්ටන වල මෙම චලිතය පිෂ්ටන් ඇත මගින් දගර කදට (Crank shaft)ලැබීමට සලස්වා එම චලිතය භ්‍රමණ චලිතයට පරිවර්තනය කරනු ලැබේ.එන්ජිමේ ක්‍රියාකාරිත්වයට ආධාර ලෙස සහයක පද්ධති කිහිපයක් ක්‍රියාත්මක වේ.
               01.ඉන්ධන පද්ධතිය                 Tuel system
              02.ජ්වලන පද්ධතිය                  Ignition system
              03.සිසිලන පද්ධතිය                   Cooling system
              04.ස්නේහක පද්ධතිය(ඔයිල්)     Lubricating system

Friday, June 17, 2016

ඕම් නියමය තේරෙන සිංහලෙන්

ඕම් නියමය තේරුණේ නැති අයට ඔන්න අද කියල දෙන්න යන්නෙ ඕම් නියමය ගැන ,එහෙනම් පාඩමට බහිමුකො....

ඕම්ගේ නියමය Ohm’s Law

යම් ප්‍රතිරෝධයක අග්‍ර අතරට වොල්ටීයතාවයක් යෙදුවහොත් එය තුලින් ධාරාවක් ගලයි.එම ප්‍රතිරෝධයත් ,වෝල්ටීයතාවයත් ,ධාරාවත් අතර ඇති සම්බන්ධතාවය ඕම්ගේ නියමයෙන් පැහැදිලිකෙරේ,පහත රුපසටහනේ දැක්වෙන පරිදි සරල පරිපතයක් ඇසුරෙන් මෙම නියමයේ සත්‍යතාව පැහැදිලිකල හැකිය.
මෙහි ප්‍රතිරෝධකයේ අගය ඕම් R ලෙසද,එහි අග්‍ර  අතර වෝල්ටීයතාව වෝල්ට් ලෙසද ,ප්‍රතිරෝධය තුලින් ගලන ධාරාව අම්පියර් I ලෙසද ගතහොත් ඒවා අතර සම්බන්ධතාවය පහත සමීකරණ වලින් දැක්විය හැකිය.
නිදසුන් ;

විදුලි බල්බයක් 6V බැටරියකට සම්බන්ධ කලවිට ගලන ධාරාව 300mA ක් වේ. බල්බයේ ප්‍රතිරෝධය කොපමණද ?

V- 6,I- 300mA= 0.3A,R- ?
ඕම් නියමයට අනුව  V=IR  , R=V/I
                                    R= 6 / 0.3
                                    R= 20Ω


තේරුණේ නැති දෙයක් තියෙනවනම් Comment වලින් අහන්න.ප්‍රතිචාර ගොඩක් වටිනව....

Friday, August 14, 2015

සිවිල් ඉන්ජිනේරු තාක්ෂණය ගඩොල් බැමි වර්ග

සිවිල් ඉන්ජිනේරු තාක්ෂණය යටතේ ඇති බැමි වර්ග ප්‍රධාන වශයෙන් වර්ග හතරක් ඇත.
  1. ඔලුගල් බැම්ම – ‍Header Bond
  2. බඩගල් බැම්ම – Stretcher Bond
  3. ඉංග්‍රිසි බැම්ම – English Bond
  4. ෆ්ලෙමිශ් බැම්ම – තනි ෆ්ලෙමිශ් බැම්ම,ද්විත්ව ෆ්ලෙමිශ් බැම්ම – Flemish Bond
මෙම බැමි වල ඇති විශේෂ ලක්ෂණ පහත පරිදි වේ.
  1. ඔලුගල් බැම්ම
  • කවාකාර බිත්ති සඳහා යොදා ගනී.
2. බඩගල් බැම්ම
  • පළලින් අඩුම බැමි වර්ගය වේ.
  • බැම්මේ පළල ගඩොල් බාගයකි.(102.5mm)
  • බැම්මේ අතිවැස්ම ගඩොල් බාගයකි.
  • බර දැරීම සඳහා භාවිත කල නොහැකිය.
  • ශක්තියෙන් අඩු නිසා 3m ට වඩා එක දිගට බැම්ම බඳින්නේ නම් බැම්ම අතරට කුලුනු යොදනු ලැබේ.
  • ගොඩනැගිල්ලක බර නොදරන බිත්ති,කාමර වෙන්කිරීම් බිත්ති,මායිම් තාප්ප,කෙටි තාප්ප සඳහා බහුලව යොදා ගනී.
3.ඉංග්‍රීසි බැම්ම
  • එක් වරියක බඩගල් බැම්ම ද අනිත් වරියේ ඔලුගල් බැම්ම ද සිටින ලෙස මාරුවෙන් මාරුවට බඳින බැම්ම වේ.
  • ඉතාමත් ශක්තිමත් බැමි බැඳිමේ ක්‍රමය ලෙස සලකන මෙය ඉන්ජිනේරු බැම්ම ලෙස ද හඳුන්වයි.
  • මෙම බැම්මේ අවම ඝනකම අඟල් 9ක් වේ.
  • ඔලුගල් වරියේ මුල් ගලට පසුව QUEEN CLOSER එකක් තබනු ලැබේ.

mod3 

Saturday, July 25, 2015

Engineering Technology

විෂයෙහි අන්තර්ගතය

ඉංජිනේරු තාක්ෂණවේදය විෂය යටතට සිවිල් ඉංජිනේරු, යාන්ත්‍රික ඉංජි‍නේරු, විදුලි ඉංජිනේරු යන විෂයන් අයත් වෙනවා. ඒ අනුව ඉංජිනේරු තාක්ෂණය, මූලික මෝටර් යාන්ත්‍ර විද්‍යාව, මූලික විදුලි තාක්ෂණය සහ නිවාස වයරින් කිරීම, මූලික ගොඩනැගිලි ඉදිකිරීමේ තාක්ෂණවේදය, මූලික නිෂ්පාදන තාක්ෂණය එකලස් කිරීමේ ශිල්ප ක්‍රම, යාන්ත්‍රික ඇඳීම, ඒකක හා මිනුම්, චලනය හා බල සම්ප්‍රේෂණ අංග, තාක්ෂණික කටයුතුවලදී සෞඛ්‍යය හා ආරක්ෂාව, විද්‍යුත් යන්ත්‍ර හා බල පද්ධති, මූලික ඉලෙක්ට්‍රොනික විද්‍යාව හා භාවිතය, ගෘහස්ත ජල සම්පාදනය හා ස්වස්ථතාව (සනීපාරක්ෂාව), තරල යන්ත්‍ර, ඉංජිනේරු සම්මත (ප්‍රමිති) බිම් මැනුම්, ඇස්තමේන්තු (නිර්මානය කිරීම හා සැකසීම), ව්‍යවසායකත්වය හා කළමනාකරණය මෙම විෂයේ අන්තර්ගතයන් වෙනවා.

Friday, July 24, 2015

ඉංජිනේරු තාක්ෂණවේදය විෂය නිර්දෙශය

1226380_orig
12 ශ්‍රේණිය ඒකක
  • ඉංජිනේරු තාක්ෂණවේදය හැඳින්වීම.
    මූලික ස්ව්‍යංචල තාක්ෂණවේදය.
    මූලික විදුලි තාක්ෂණවේදය / ගෘහ විදුලි රැහැන් ඇදීම.
    මූලික ගොඩනැගිලි තාක්ෂණවේදය.
    මූලික නිශ්පාදන තාක්ෂණවේදය.
    ඉංජිනේරු ඇඳීම.
    ඒකක සහ මිනුම්.
    චලිතය සහ බල සම්ප්‍රේෂණ මූල.
    තාක්ෂණවේදය සඳහා සෞඛ්‍ය සහ ආරක්ෂාව.

13 ශ්‍රේණිය ඒකක
  • විදුලි යන්ත්‍ර සහ බල පද්ධති
    මූලික ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදය සහ භාවිතය
    ගෘහස්ථ ජල සම්පාදනය සහ කසල අපවහනය
    තරල යන්ත්‍ර (පොම්ප, තළ බමණ)
    ඉංජිනේරු සම්මතයන් සහ තත්ව සහතික පද්ධති
    බිම් මැනීම
    ඇස්තමේන්තුකරණය සහ ප්‍රමාණ බිල්පත් සැකසීම
    ව්‍යවසායකත්වස සහ කළමණාකරණය
සවිස්තරාත්මක විෂය නිර්දෙශය ලබාගැනීමට මෙතනින් යන්න...
ඉංජිනේරු තාක්ෂණවේදය විෂය නිර්දෙශය