Friday, August 14, 2015

සිවිල් ඉන්ජිනේරු තාක්ෂණය ගඩොල් බැමි වර්ග

සිවිල් ඉන්ජිනේරු තාක්ෂණය යටතේ ඇති බැමි වර්ග ප්‍රධාන වශයෙන් වර්ග හතරක් ඇත.
  1. ඔලුගල් බැම්ම – ‍Header Bond
  2. බඩගල් බැම්ම – Stretcher Bond
  3. ඉංග්‍රිසි බැම්ම – English Bond
  4. ෆ්ලෙමිශ් බැම්ම – තනි ෆ්ලෙමිශ් බැම්ම,ද්විත්ව ෆ්ලෙමිශ් බැම්ම – Flemish Bond
මෙම බැමි වල ඇති විශේෂ ලක්ෂණ පහත පරිදි වේ.
  1. ඔලුගල් බැම්ම
  • කවාකාර බිත්ති සඳහා යොදා ගනී.
2. බඩගල් බැම්ම
  • පළලින් අඩුම බැමි වර්ගය වේ.
  • බැම්මේ පළල ගඩොල් බාගයකි.(102.5mm)
  • බැම්මේ අතිවැස්ම ගඩොල් බාගයකි.
  • බර දැරීම සඳහා භාවිත කල නොහැකිය.
  • ශක්තියෙන් අඩු නිසා 3m ට වඩා එක දිගට බැම්ම බඳින්නේ නම් බැම්ම අතරට කුලුනු යොදනු ලැබේ.
  • ගොඩනැගිල්ලක බර නොදරන බිත්ති,කාමර වෙන්කිරීම් බිත්ති,මායිම් තාප්ප,කෙටි තාප්ප සඳහා බහුලව යොදා ගනී.
3.ඉංග්‍රීසි බැම්ම
  • එක් වරියක බඩගල් බැම්ම ද අනිත් වරියේ ඔලුගල් බැම්ම ද සිටින ලෙස මාරුවෙන් මාරුවට බඳින බැම්ම වේ.
  • ඉතාමත් ශක්තිමත් බැමි බැඳිමේ ක්‍රමය ලෙස සලකන මෙය ඉන්ජිනේරු බැම්ම ලෙස ද හඳුන්වයි.
  • මෙම බැම්මේ අවම ඝනකම අඟල් 9ක් වේ.
  • ඔලුගල් වරියේ මුල් ගලට පසුව QUEEN CLOSER එකක් තබනු ලැබේ.

mod3 

1 comment:

  1. 1XBET Sportsbook Review For 2021 - Xn
    1XBET is a great option in India. It is 1XBET powered by Bet365, a sportsbook that has a lot of different betting markets. You can 1xbet use betway login it on the cricket

    ReplyDelete